රේණුක පෙරේරාට ඇප

මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණුපොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළා.

ඊට අමතරව මහවිරු සැමරුම් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

මෙම නඩුකරය මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ දී කැඳවනු ලැබු අතර එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔස්ට්‍රෙලියාවේ පැවති මහවිරු සැමරුම් උත්සවවලට අදාළ වීඩියෝපට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

මේ ආකාරයේ මහවිරු සැමරුම් උත්සව උතුරු පළාතේ පවත්වා නොමැති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ තුළින් ජාතීන් අතර නොසන්සුන්තාවක් මතුවීමට හේතු වී තිබෙන බව පෙන්වා දුන්නා.

මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ඇන්ටන් සේනානායක සහ මනෝජ් ගමගේ ඇතුළු නීතිඥ මණ්ඩලය කියා සිටියේ මෙවර උතුරේ මහාවිරු සැමරුම් උත්සව පැවැති බවට විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී පිළිගෙන තිබූ බවයි.

මහාවිරු සැමරුම් උත්සව 244ක් හා කොටි ධජය ප්‍රදර්ශනය කළ අවස්ථා 10 වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ යැයි එම නීතිඥවරු සඳහන් කළා.

විෂය භාර අමාත්‍යවරයා පවා මහාවිරු උත්සව උතුරු පළාතේ පැවති බව පිළිගෙන තිබියදී එවැනි උත්සව නොපැවැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි එම නීතිඥවරු ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව, සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔවුන් ඉල්ලීමක් කළා.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වීඩියෝපටය නිර්මාණය කළ පුද්ගලයින් හා ඒවා පළ කළ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් පවත්වා තිබේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කර නොමැති බවයි.

අදාළ වීඩියෝ පට සකස් කළ සහ උඩුගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් නොපවත්වා ඒවා හුවමාරු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීම කොතරම් යුක්තිසහගත දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා මෙය පණිවිඩකරුට වෙඩි තැබීම හා සමාන බව පැවසුවා.

පණිවිඩකරුට වෙඩි නොතබා ඔහු පවසන දේ කුමක්දැයි විමර්ශනය කිරීම වැදගත් බවත් මහේස්ත්‍රාත්වරයා
සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස නියෝග කළ අතර අදාළ පැමිණිල්ල ලබන වසරේ ජුනි මස 10 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02