රේණුක පෙරේරාට ඇප

මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණුපොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළා.

ඊට අමතරව මහවිරු සැමරුම් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

මෙම නඩුකරය මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ දී කැඳවනු ලැබු අතර එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔස්ට්‍රෙලියාවේ පැවති මහවිරු සැමරුම් උත්සවවලට අදාළ වීඩියෝපට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

මේ ආකාරයේ මහවිරු සැමරුම් උත්සව උතුරු පළාතේ පවත්වා නොමැති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ තුළින් ජාතීන් අතර නොසන්සුන්තාවක් මතුවීමට හේතු වී තිබෙන බව පෙන්වා දුන්නා.

මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ඇන්ටන් සේනානායක සහ මනෝජ් ගමගේ ඇතුළු නීතිඥ මණ්ඩලය කියා සිටියේ මෙවර උතුරේ මහාවිරු සැමරුම් උත්සව පැවැති බවට විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී පිළිගෙන තිබූ බවයි.

මහාවිරු සැමරුම් උත්සව 244ක් හා කොටි ධජය ප්‍රදර්ශනය කළ අවස්ථා 10 වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ යැයි එම නීතිඥවරු සඳහන් කළා.

විෂය භාර අමාත්‍යවරයා පවා මහාවිරු උත්සව උතුරු පළාතේ පැවති බව පිළිගෙන තිබියදී එවැනි උත්සව නොපැවැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි එම නීතිඥවරු ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව, සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔවුන් ඉල්ලීමක් කළා.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වීඩියෝපටය නිර්මාණය කළ පුද්ගලයින් හා ඒවා පළ කළ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් පවත්වා තිබේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කර නොමැති බවයි.

අදාළ වීඩියෝ පට සකස් කළ සහ උඩුගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් නොපවත්වා ඒවා හුවමාරු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීම කොතරම් යුක්තිසහගත දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා මෙය පණිවිඩකරුට වෙඩි තැබීම හා සමාන බව පැවසුවා.

පණිවිඩකරුට වෙඩි නොතබා ඔහු පවසන දේ කුමක්දැයි විමර්ශනය කිරීම වැදගත් බවත් මහේස්ත්‍රාත්වරයා
සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස නියෝග කළ අතර අදාළ පැමිණිල්ල ලබන වසරේ ජුනි මස 10 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?