රේගු තනතුරු ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නො රැවටෙන්න – මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස 2024 සැප්තැම්බර් මස 27, 28, හා 29 දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා ” පෙරහුරු වැඩමුළු” පවත්වන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉහතින් සඳහන් කර ඇති තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී අපේක්ෂකයින් හට අමතර ලකුණු ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ලබා ඇති ජයග්‍රහණවලට පමණක් වන අතර එයට අමතරව එහිදී අධ්‍යාපන සුදුසුකම් හා ශාරීරික යෝග්‍යතාව පමණක් පරීක්ෂා කෙරෙනු ඇති.

වෙනත් කිසිම සුදුසුකමක් සඳහා අමතර ලකුණු ලබාදීමක් සම්මුඛ පරීක්ෂණයේ දී සිදු නොකරන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ.

එම නිසා එම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙරහුරු වැඩමුළුවලට සහභාහී වී අමතර සූදානමක් වීම අවශ්‍ය නොවන බව සියලු අපේක්ෂකයන් වෙත ශ්‍රී ලංකා රේගුව අවධාරණය කර සිටින බවයි විශේෂ නිවේදනයක් අද (24) දිනයේ දී නිකුත් කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34