සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
තම තීරණය ලිපියක් මඟින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැළපෙන බව රෙහාන් ජයවික්‍රම සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පක්ෂය කෙරෙහි පවතින බැඳීම අභිබවා යන රට කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට තමන් අදහස් කරන බවත් අදාළ ලිපියේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
30
+1
1
+1
1
+1
1
+1
3





