රුහුණු සරසවියේ ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු පොලිසියට භාර වෙයි

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉකුත් මස 26 වැනිදා දින අතිවු ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු නීතිඥයකු මාර්ගයෙන් කඹුරුපිටිය පොලිසිය වෙත භාර වී තිබෙනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලකට ඉකුත් මස 26 වැනිදා සිසුන් පිරිසක් පහර දී තිබුණේ බහින්බස් වීමක් මුල් කර ගෙනයි.

එම පහර දිමට සම්බන්දව හඳුනාගත් මෙම සිසුන් දෙදෙනාට පොලිසියට භාරවන ලෙසට කළ දැනුම් දීමට අනුව ඔවුන් ඊයේ නීතිඥයකු මාර්ගයෙන් පැමිණ පොලීසියට භාරවී තිබුණා.

දෙවන වසරේ ඉගෙනුම ලබන හෙට්ටිපොල සහ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදනා අද කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?