රුහුණු සරසවියේ උපකුලපතිට එරෙහිව අන්තරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක (වීඩියෝ)

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වුවා.

ඒ බත්තරමුල්ල – ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදියි.

රුහුණ වනසන උන්මත්තක උපකුලපති සුජීව අමරසිංහ වහා ඉවත් කරනු !”, පාලනය පිළිබඳ විමර්ශනයට ස්වාධීන කොමිසමක් පත් කරනු !, අත්තනෝමතිකව ලබා දී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම්, නේවාසිකාගාර තහනම් කිරීම් හා උපාධි ප්‍රදානෝත්සවය තහනම් කිරීම් වහා ඉවත් කරනු !..” ආදි සටන් වැකි ලියූ විරෝධතා පුවරු රැගෙනයි ශිෂ්‍යයින් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.

විරෝධතාවයෙන් අනතුරුව ශිෂ්‍යයන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා එම ස්ථානයේ වාඩි වූ අතර අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු 08 දෙනෙකු අමාත්‍යාංශයේ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසිංහ මහතාගෙන් ඔහුට එරෙහිව එල්ල වන විරෝධතා සම්බන්ධයෙන් අදහස් විමසා සිටියා.

එහිදී රුහුණු සරසවියේ උපකුලපතිවරයා සඳහන් කළේ චෝදනාවක් තිබේ නම් එය වහාම ඔප්පු කර පෙන්විය යුතු බවත්; එය ඔප්පු නොවන තුරු කිසිම විටෙක තමන් ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍යයින්, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් පෙරේදා (19) දින සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (21) තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

මේ වන විට වැඩවර්ජනයේ නිරත පිරිස මාතර – වැල්ලමඩමේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට අට්ටාලයක් ද සකස් කොට ඒ මත නැග සත්‍යග්‍රහයක ද නිරත වනවා.

උපකුලපතිවරයා විසින් රුහුණු විශ්වවිද්‍යාලය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන බවත්, එබැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාලය ඉදිරිපස කළු කොඩිවලින් සරසා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට විශ්වවිද්‍යාල තුළ නිදහසක් නොමැති බව ද, විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩුවලට මුදල් ලබා නොදීම හා අත්තනෝමතිකව සිසුන්ට දඬුවම් ලබාදීම ආදි කරුණු කිහිපයක් මෙම විරෝධතාවට මුල් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?