රුසියා – යුක්‍රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ දත්ත රැස් කරන්න ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස්

රුසියානු – යුක්‍රේන ගැටුමට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් අතුරින්, යුද ගැටුම් අතරතුර අතුරුදහන් වූ හෝ මියගිය පුද්ගලයන් සහ දෙපාර්ශ්වය විසින් දැනට යුද සිරකරුවන් වශයෙන් රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම එම පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ වෙනත් මුල්‍ය පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව සොයා බලන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියා.

විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා පසුගිය යුධ සමයේදී දිවි අහිමි වූ රණවිරුවන්ගේ පවුලවල සාමාජිකයන් වෙත වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, මැයි 28 සහ 30 දෙදින තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මහජන දින වැඩසටහනේ දී විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජය වුණා.

විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ට ලැබිය යුතු සහයෝගය අඛණ්ඩව ලබාදීමටත් මෙම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ලේකම්වරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01