රුසියාවෙන් තෙල් ගන්න විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ධාගරියන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හදිසි හමුවක් අද (13) දහවල් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත් වුණා.

ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිල දී ගැනීමට අවසර දෙමින් ඇමරිකාව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් එක් පියවරක් ලෙස රුසියානු ඉන්ධන ලබා ගැනීම පිළිබඳව රුසියානු තානාපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැන්වීමට තානාපතිවරයා මෙහිදී එකඟතාව පළකර ඇති අතර,
එමෙන්ම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට ද ඔහු පොරොන්දු වී තිබෙනවා.

මෙම සාකච්ඡාව අතරතුර තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය හිමිවන බවයි.

මෙම හමුවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සහ අමාත්‍යංශ ලේකම්වරුන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37