AFC Banner
AFC Banner
Empty Ad

රුසියානු යුද්ධයට එක් වූ ලාංකිකයින් 554න් 59ක් මියගිහිං

රුසියානු – යුක්‍රේන යුද කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින ලාංකිකයින් අතරින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අනාවරණය කළා.

අද (07) දහවල් පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් පළ කරමින් ඒ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතට පිළිතුරු ලබාදෙමින් මේ බව කියා සිටියා.

2025 ජනවාරි මස 20 වැනි දින වනවිට රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයෙන් අදාළ තොරතුරු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයට ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු යුද්ධයට එක් කර ඇති බවත් ඉන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත්; එලෙස මියගිය ලාංකිකයින්ගේ නාමලේඛනය සභාගත කිරීමට සහ හැන්සාර්ඩ්ගත කිරීමට යොමු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

කිසිම අවස්ථාවක නො කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් රුසියානු හමුදාව වෙත ලාංකිකයින් බඳවාගෙන ඇති බවට තොරතුරක් නොලැබෙන බවත් විජිත හේරත් මහතා කියා සිටියා.

එමෙන්ම එම යුද්ධයෙන් මිදීමට අවශ්‍ය ලාංකික තරුණයින් ඉන් ගලවා ගැනීමට රුසියානු රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ද එය තවදුරටත් සිදු කෙරෙන බව ද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?