රුසියානු තානාපති කාර්යාලයේ බෝම්බ බියක් ඇති කළ විදෙස් තරුණිය රටින් පනින්න යද්දී අල්ලයි

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධියට සම්බන්ධ විදෙස් තරුණියක් රටින් පළායෑමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජර්මන් ජාතික තරුණියක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම 33 හැවිරිදි විදෙස් ජාතික කාන්තාව අලුත්කඩේ 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඇප ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

මෙම විදෙස් ජාතික කාන්තාව චීනය බලා පළායාමට තැත් කිරීමේ දී ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

මෙම කාන්තාව පසුගිය අප්‍රේල් මස 28 වනදා රුසියානු තානාපති කාර්යාලයට පැමිණ එහි ආරක්ෂක අංශ වෙත ලැප්ටොප් පරිගණකයක් ලබාදී පිටව යාමත් සමඟ එම තානාපති කාර්යාලය තුළ බෝම්බ බියක් ද හටගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08
Video thumbnail
දෙයියනේ මේවද මිනිස්සුන්ට කන්න දෙන්නේ
02:18
Video thumbnail
හදිසි වාහන පරීක්ෂාවකින් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
01:22
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50