AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු ඇමරිකානු න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීම ව්ලැඩිමීර් පූටින් අත්සන් තබයි

ක්‍රෙම්ලිනයේ සහ ධවල මන්දිරයේ නායකයන් අතර දුරකථන ඇමතුමෙන් පසුව, ලබන මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ “නිව් ස්ටාර්ට්” න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.

ඒ අනුව ගිවිසුම කල් ඉකුත්වීමට සතියක් තිබියදී රුසියාව සහ ඇමෙරිකාව අතර ඉතිරිව ඇති අවසන් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීමේ පනතට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අත්සන් තැබීය.

“නිව් ස්ටාර්ට්” ගිවිසුම වසර 5ක් දක්වා දීර්ඝ කිරීම සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ සභා දෙකම බදාදා ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළහ. මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදයේ කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය නොවෙයි. නමුත් රුසියානු නීති සම්පාදකයන්ට මෙම පියවර අනුමත කළ යුතුව තිබුණි.

ජනාධිපති බැරැක් ඔබාමා සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් විසින් 2010 දී අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින් සෑම රටක්ම න්‍යෂ්ටික අවි 1,550කට සීමා කිරීමට හා මිසයිල හා බෝම්බ හෙලන ගුවන් යානා 700 කට සීමා කිරීමට එකඟව තිබුණි.

2019 දී ට්‍රම්ප් පරිපාලනය විසින් රුසියාව සමග තවත් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමක් වන අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා ගිවිසුම (INF) වෙතින් ඉවත් වීමෙන් පසුව, රුසියාව සහ එක්සත් ජනපදය අතර පැවති න්‍යෂ්ටික අවි සම්බන්ධ අවසාන ප්‍රධාන ගිවිසුම මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?