රුසියානු ඇමරිකානු න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීම ව්ලැඩිමීර් පූටින් අත්සන් තබයි

ක්‍රෙම්ලිනයේ සහ ධවල මන්දිරයේ නායකයන් අතර දුරකථන ඇමතුමෙන් පසුව, ලබන මාසයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ “නිව් ස්ටාර්ට්” න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.

ඒ අනුව ගිවිසුම කල් ඉකුත්වීමට සතියක් තිබියදී රුසියාව සහ ඇමෙරිකාව අතර ඉතිරිව ඇති අවසන් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීමේ පනතට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අත්සන් තැබීය.

“නිව් ස්ටාර්ට්” ගිවිසුම වසර 5ක් දක්වා දීර්ඝ කිරීම සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ සභා දෙකම බදාදා ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළහ. මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදයේ කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය නොවෙයි. නමුත් රුසියානු නීති සම්පාදකයන්ට මෙම පියවර අනුමත කළ යුතුව තිබුණි.

ජනාධිපති බැරැක් ඔබාමා සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් විසින් 2010 දී අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින් සෑම රටක්ම න්‍යෂ්ටික අවි 1,550කට සීමා කිරීමට හා මිසයිල හා බෝම්බ හෙලන ගුවන් යානා 700 කට සීමා කිරීමට එකඟව තිබුණි.

2019 දී ට්‍රම්ප් පරිපාලනය විසින් රුසියාව සමග තවත් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමක් වන අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා ගිවිසුම (INF) වෙතින් ඉවත් වීමෙන් පසුව, රුසියාව සහ එක්සත් ජනපදය අතර පැවති න්‍යෂ්ටික අවි සම්බන්ධ අවසාන ප්‍රධාන ගිවිසුම මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04