රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 130කට විදලා

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 130 කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගල ඇප 02ක් මත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව අධිකරණය විසින් සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි වාර්තා වුණේ.

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා සැකකරු මුදල් ලබාගත් නමුත් තවමත් රැකියා නොලැබුණු බව පවසමින් පුද්ගලයින් 53 දෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකයට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකරු එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පෙරේදා (13) විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැඳවා තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු මාතර, ගොඩගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ඔහුගේ නියෝජිත ආයතනයේ බලපත්‍රය ඉකුත් පෙබරවාරි මස 29 වනදා අවසන් වී තිබෙනවා.

නමුත් ඔහු එම දිනයෙන් පසුව බලපත්‍රය අලුත්කර ගැනීම සදහා කටයුතු කර නොමැති බවටයි විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම රුමේනියාවේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමට සැකකරුට වලංගු විදේශ ඇණවුම් පත්‍රයක් තිබී ඇති නමුත් ඔහු එම ඇණවුම භාවිත කරමින් කිසිවෙකු හෝ රුමේනියාවට පිටත් කර නොමැති බව ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07