spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 130කට විදලා

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 130 කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගල ඇප 02ක් මත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව අධිකරණය විසින් සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි වාර්තා වුණේ.

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා සැකකරු මුදල් ලබාගත් නමුත් තවමත් රැකියා නොලැබුණු බව පවසමින් පුද්ගලයින් 53 දෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකයට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකරු එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පෙරේදා (13) විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැඳවා තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරු මාතර, ගොඩගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ඔහුගේ නියෝජිත ආයතනයේ බලපත්‍රය ඉකුත් පෙබරවාරි මස 29 වනදා අවසන් වී තිබෙනවා.

නමුත් ඔහු එම දිනයෙන් පසුව බලපත්‍රය අලුත්කර ගැනීම සදහා කටයුතු කර නොමැති බවටයි විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම රුමේනියාවේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමට සැකකරුට වලංගු විදේශ ඇණවුම් පත්‍රයක් තිබී ඇති නමුත් ඔහු එම ඇණවුම භාවිත කරමින් කිසිවෙකු හෝ රුමේනියාවට පිටත් කර නොමැති බව ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?