රුපියල් 5000කට මල් කැකුළක් එලොව යැවූ පාපතරයෝ නීතිය හමුවට (වීඩියෝ)

කළුතර – ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර සය හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කිරීම සහ තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ – අක්කර 33 ප්‍රදේශයේ සහ කළුතර – කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

සැකකරුවන් ඉකුත් 29 වැනි දින රාත්‍රියේ දී මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එහිදී එම කාන්තාව තුවාල ලබා එම නිවසට රූපවාහිනිය නැරඹීමට පැමිණ සිටි සෙනාල් සංදීප නමැති කුඩා පිරිමි දරුවා ජීවිතක්ෂයට පත් වුණා.

මත්කුඩු ජාවාරමකට අදාළ ව මුදල් ගනුදෙනුවක් මත ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව සැකකරුවන් තුවාල ලැබූ කාන්තාව ඉලක්ක කරගනිමින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් පිලිස්සුම් තුවාල ලැබූ දරුවාගේ විලාපය සමග සැකකරුවන් රැගෙන ආ අනෙක් බෝම්බය එල්ල නොකරම පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් ප්‍රහාරය සඳහා භාවිත කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක් සහ එම බෝම්බ සැකසීමට යොදාගත් ද්‍රව්‍ය මෙන් ම ජංගම දූරකථන දෙකක් ද පොලිස් භාරයට ගැනුණා.

කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5000ක මුදලක් බවට ද සිදුකළ වැඩිදුර විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
0
+1
9
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?