AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් හයකෝටිය ඉක්ම වූ කුෂ් සමග දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට – කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

අනෙක් ගුවන් මගියා අම්පාර – මහඔය ප්‍රදේශයේ පදිංචි රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවක් බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔවුන් දෙදෙනා අද දහවල් 10.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු දෙක තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 630ක ප්‍රමාණයක් සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් නිරීක්ෂණය වී තිබුණා.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර; රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?