AFC Banner
AFC Banner
Empty Ad

රුපියල් ලක්ෂ 50 ඉක්ම වූ ගංජා හේනකට ගිනි

රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු ගංජා සහ ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ; මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්.

වැල්ලවාය – ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමළිය රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දීයි මෙම සැකකරු සමග ඔහුට අයත් ගංජා හේන සොයාගෙන ඇත්තේ.

එම ගංජා හේනේ උසින් අඩි 05කුත් අඟල් 08ක් උසැති සරුවට වගා කර තිබූ ගංජා පැළ 22562ක් තිබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද තිබී සොයාගැනුණා.

සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?