රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද (29) නියෝග කළා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති දේවප්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනා බවයි.
සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබා දුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසිහයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම දෙදෙනා ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එකී මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපිකරුවෙකු සහ තාක්‍ෂණ නිලධාරියකු ද පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බවයි අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.





