AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් කෝටියකට දුන්නු කාන්තාවක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ගැස්සෙයි

කොන්ත්‍රාත්තුවක් මත කාන්තාවක් ඝාතනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙක් ගිනි අවියක් සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා රුපියල් කෝටියක මුදලක් සැකකරුට ලබාදීමට පොරොන්දු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හබරාදුව, මීපේ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ T56 ගිනි අවිවලට යොදනු ලබන ජීව උණ්ඩ 06ක් සොයාගෙන තිබෙනවා.

අහංගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ඝාතනය සඳහා මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?