රිෂාඩ්ගේ නිවසේ ‘දැරිය ගිනි ගත් කාමරයේ’ බිත්තියක සටහනක්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය  16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති  බව කියන “මගේ මරණයට හේතුව“ යන වැකිය  ඊයේ (02) බදියුදීන්ගේ නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වනවා.

එම වැකිය දෙමළ අදහසින් ඉංග්‍රීසියෙන් ලියා තිබෙනවා.

පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද ඊට සහාය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?