රිෂාඞ් බදියුදීන් සුපිරි හෝටලයක් තුළ නිරෝධායනයේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුණා. 

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබුණා. විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත්  කෙරුණා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේ ශානී අබේසේකර අයී ඞී එච් රෝහලට මාරු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?