කැලණිය පොලිස් වසමේ බියගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගහමුල හන්දිය අසල දී බියගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගය අයිනට ගෙන නැවැත්වීමට බස් රථය මාර්ගයේ පසුපසට ගමන් කරන අවස්ථාවේ බස් රථය තුළ සිටි මගියෙකු ඉන් බිමට බැසීමේ දී බස් රථයට හා මාර්ගය අසල තිබූ තාප්පය අතරට මගියා සිරවීමෙන් අනතුරක් සිදු වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අනතුරින් තුවාල ලැබූ මගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
7
+1
+1



