රිය අනතුරු නිසා සිව් දෙනෙක් ජීවිතක්ෂයට

දිවයියේ ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දිනයේ සිදු වූ රිය අනතුරු 04ක් නිසා පුද්ගල ජීවිත හානි 04ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

බලංගොඩ, ඇල්ලපොල ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 34 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් වසමේ ද යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්ද එක් යතුරුපාඩු කරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තිරුක්කෝවිල් රෝහල ඇතුළත් කර ඇති බව වර්තාවනවා.

එමෙන්ම ඊයේ රාත්‍රියේ කොහුවෙල, සරණංකර මාර්ගයේ ද සිදු වූ රිය අනතුරක් නිශ මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කොහුවල පොලිසිය සඳහන් කරනවා.

ඊට අමතරව රතනපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක 48 හැවිරිදි පුද්ගලයෙක් ගැටීම නිසා ඔහුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?