රිය අනතුරකින් 20 හැවිරිදි තරුණියක් නොඑන ගමන් යයි

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, මාතලේ හංදිය ආසන්නයේ දී ඊයේ (23) දහවල් සිදු වූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ ලෝචනා කාව්‍යංජලි නැමැති තරුණියක්.

දඹුල්ල සිට ගලේවෙල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගලේවෙල පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුව අවස්ථාවේ දී ත්‍රිරෝද රථය තුළ පියා, මව සහ දියණියන් දෙදෙනා සිට තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ඔවුන් සිව්දෙනා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් දියණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණිය පොළොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් වන අතර, ඔවුන් විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
59
+1
11
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?