යාපනය – චාවකච්චේරි මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුත්තූර් සිට මීසාලෙයි දෙසට ගමන් කළ ටිපර් රථයක් සහ මීසාලෙයි සිට මඩ්තුවිල් දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී (21) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර, අනතුරින් මව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන් චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.













