රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීම ගැන විශේෂ තීරණයක්

2025 වසරේ නොවැම්බර් මස දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මතසාමාන්‍ය ජන ජීවිතයට බරපතල හානි සිදුවීම හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත් වීමේ දුෂ්කරතාවන්ට මහජනතාවට මුහුණ පෑමට සිදුවුණා.

එමෙන්ම, එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ හා අලුත් කිරීමේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව එමඟින් මාර්ග ආරක්ෂාවට හා මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් ඇති නොවනු පිණිස 2025-11-25 දින සිට 2025-12-24 දින දක්වා වූ කාලය තුළ වලංගු කාලය ඉක්ම වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, එසේ කල් ඉකුත් වීමට නියමිත ව තිබූ දින සිට මාසයක කාලයකින් දීර්ඝ කරමින් 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග, අංක 2467/52 දරන 2025-12-17 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන පරිදි එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
9
+1
8
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?