AFC Banner
Empty Ad
Empty Ad

රියදුරන් ට නිවේදනයක්

කල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා තවත් මාස 06ක වලංගු කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඔහු පවසන්නේ නව රියදුරු බලපත්‍ර ලබාගැනිමේ පරික්ෂණ ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බවය.

පසුගිය කාලයේ වාහන ලියාපදිංචි කිරීම ද කැපී පෙනෙන ලෙස අඩු වූ බව සුමිත් අලහකෝන් මහතා පෙන්වා දෙයි.

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසා සිටියේ, 

“රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මහජනතාව අතර අදහසක් තියෙන්න පුළුවන් දැන් අපිට රියදුරු බලපත්‍ර අලුත් කරගන්න විදිහක් නැහැ, ඒ සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කෙරෙයි කියලා. නමුත් කොවිඩ් වසංගතය ලංකාවේ පැතිරුනේ 2020 මාර්තු මාසයේ සිටම අපි ඒ කාලයට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළා. එතකොට අපි අවසාන වරට දිර්ඝ කළේ 2021 අප්‍රේල් 1 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා අතර කාලයේ දවසක කල් ඉකුත්වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අපි මාස 6කින් දිර්ඝ කළා. ඒ නිසා 2021 අප්‍රේල්  1 න් පස්සේ දවසක නම් ඔබේ රියදුරු බලපත්‍රය කල්ඉතුක් වන්නේ ඒ කල්ඉතුක් වන දවසේ සිට ඉදිරියට මාස 6ක් වලංගුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?