රැවුල් කුමාරගේ කුඩු බෙදූ ගෝලයෙක් අල්ලයි (වීඩියෝ)

බූස්ස බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘රැවුල් කුමාර’ නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුර පොලිසියේ දූෂණ මර්දන අංශය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් පනහක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනහක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අනුරාධපුර, පණ්ඩුලගම, කොරකහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු වයස අවුරුදු 33 පුද්ගලයෙක්.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝකාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (31) දින අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?