රැඳවියෙකුගේ බන්ධනාගාරය මාරු කිරීමට විරුද්ධව නොසන්සුන් වූ මාතර යළි සන්සුන් වෙයි

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බවයි.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබෙනවා.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රීයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදු වූ බවයි පොලිසිය පැවසුවේ.

තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගැනුණා.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?