රාවතාවත්තේ ආයතනයක් කොල්ලකෑ සිව්දෙනා අල්ලයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදි හිමිකරුට සහ සේවකයකුට පහරදී රුපියල් ලක්ෂ 25 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ සිව්දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය පවසනවා.

කොල්ල කන ලද දේපළ අතර පවුම් 12 1/2 ක් බර රන් මාලයක්, අත් පලඳලාවක්, මුදු තුනක්, පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

කොල්ලකෑම සඳහා යොදාගත් දිගු මන්නා පිහිය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මීට පෙර ද අපරාධ රැසකට සම්බන්ධ රත්මලාන ප්‍රදේශයේ පදිංචි මුවා, ඩබලා හා පච්චයා යන පුද්ගලයන් සිටින බව පොලිසිය පවසනවා.

ඉකුත් 12 වෙනි දින සැකකරුවන් සිව් දෙනාගෙන් අයෙකු ආයතනයට මන්නා පිහියක් රැගෙන ඇතුළු වී හිමිකරු සහ සේවකයා බැඳ දමා පහරදී හිමිකරු පැළඳ සිටි පවුම් 12 1/2 බර රන් මාලය කොල්ලකා අනතුරුව රුපියල් 9000/= ක් හා ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය, සැකකරුවන් පෑලියගොඩ
ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී කොල්ල කෑ රන් භාණ්ඩ වත්තල ග්‍රෑන්ඩ්පාස් බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශවලට උගස් තබා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රන් භාණ්ඩ ද සොයාගත් බව පොලිසිය පවසනවා.

එම මුදල්වලින් සැකකරුවන් මත්කුඩු පානය කර ඇති බව සඳහන්.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (21) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වැඩිදුරට පරීක්ෂණ පවත්වනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59