AFC Banner
AFC Banner
Empty Ad

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත අද (07) රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අග්බෝපුර ප්‍රදේශයේ දී අද (07) දහවල් සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි.

අග්බෝපුර – කිතුල්උතුව ප්‍රදේශයේ දී කොළඹ කොටුව සිය ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව අනතුරක් සිදු වුණා.

එහිදී නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

මෙහිදී දුම්රියේ දෙවන මැදිරිය පීලි පැනීමකට ලක්ව පෙරළී ගොස් තිබුණා.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට ද බරපතල අලාභ හානි සිදුව ඇති ආකාරයි දැකගත හැකි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?