රාත්‍රී කාලයේ ගමන් යන රියදුරන්ට නොමිලේ තේ

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා රාත්‍රී කාලයේ දී බර වාහන රියදුරන්ට නොමිලේ තේ ලබාදීමට ඔඩිෂා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වාණිජ හා ප්‍රවාහන අමාත්‍ය තුකුනි සාහු බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තේ පානයට අමතරව රියදුරන්ට විවේක ගැනීමට පහසුකම් ද සලසන බවයි. මාර්ග අසල ඇති ආපනශාලා සහ හෝටල් සමඟ එක්ව මෙම වැඩපිළිවෙල සිදු කරන බවයි අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

රාත්‍රියේදී නිදිමතෙන් රිය පැදවීම මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන අතර ඔවුන්ගේ ගමන ආරක්ෂිතව කරගෙන යාමට රියදුරන්ට ප්‍රබෝධමත් සහ හොඳ විවේකයක් ලබා දීම සහතික කළ යුතු බව ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

තේ පානය කර ටික වේලාවක් විවේක ගැනීමෙන් නිදිමත ඇතිවීම වළක්වා ගත හැකි අතර නොමිලේ තේ බීමට අමතරව මාර්ගය අයිනේ ඇති හෝටල්වල විවේක ගැනීමට ද රියදුරන්ට පහසුකම් සලසා දෙන බව ඇය ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය පැවසුවේ තේ පානය කළ හැකි ප්‍රධාන ස්ථාන හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාල විසින් සිදු කරනු ඇති. ජනවාරි මස පළමුවනදා සිට 7 වනදා දක්වා මාර්ග ආරක්‍ෂිත සතිය තුළ මෙම පියවර ගන්නා බවද ඇය සඳහන් කළා.

උදෑසන සහ සවස රථවාහන පරීක්ෂාව දැඩි කිරීමටත් බීමත්ව රිය පැදවීම, වැරදි මාර්ගවල රිය පැදවීම සහ වෙනත් මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරිය සඳහන් කළා.

ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරු අවම කිරීම සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුව තවත් පියවර කිහිපයක් ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?