Empty Ad
AFC Banner
Empty Ad

රාත්‍රියට වැසුණු ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද සිට රෑටත් විවෘතයි

රාත්‍රී කාලයේ තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (16) රාත්‍රියේ සිට වාහන ගමනා ගමනයට විවෘත කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදයකුමාර පවසනවා.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ ඇති වූ නාය යාමේ අවදානම හේතුවෙන් පසුගිය සිකුරාදා (14) සිට රාත්‍රී කාලයේ දී වසා දැමීමටයි තීරණය කළේ.

ඒ, අනුව එම මාර්ගය වාහන ගමනා ගමනයට විවෘතව තැබුණේ පෙරවරු 6.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළයි.

මේ අතර නාය යාමේ අවදානම ඉතා අවම මට්ටමකට පැමිණ ඇති බැවින් මෙලෙස මාර්ගය රාත්‍රී කාලයේ විවෘත කිරීමට තීරණය කර ඇති නමුත් එම ස්ථානයේ පසුකර යන සියලුම දෙනා අවධානයෙන් යුතුව ගමන් කරන ලෙස ඉල්ලා සිටින්නේ.

ස්ථානයේ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව යටතේ මෙම තීරණය ක්ෂණිකව වෙනස් විය හැකි බව ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35

?