සවස් කාලයේ සහ රාත්රී කාලයේ දී අතුරු මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් මෙන්ම ත්රිරෝද රථ පසුපස හඹා යන කාන්තා වෙස්ගත් අද්භූත පුද්ගලයෙකු හේතුවෙන් මේ දිනවල මීගහකිවුල, පහළ ගෙදර හා ඒ අවට ප්රදේශවල ජනතාව භීතියකට පත්ව සිටිනවා.
මීගහකිවුල ප්රදේශයේ අතුරු මාර්ග කිහිපයකදීම මෙම අද්භූත පුද්ගලයා ප්රදේශයේ ත්රිරෝද රථ රියදුරන් ඇතුළු කිහිපදෙනෙකුටම හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනතුරුත් මෙම අද්භූත පුද්ගලයාගෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර, ජනතාව බියට පත්කර කිසියම් සොරකමකට කිසිවෙකු සැරසෙන්නේ ද යන්න පිළිබඳ බියක් පවතින බව ද ප්රදේශවාසීන් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කන්දකැටිය පොලිස් ස්ථානයෙන් ද විමසීමක් කළ අතර, එහි නිලධාරියෙක් සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී නොමැති බවයි.