රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් වනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව හෙට (27) දහවල් 12.00ට එම උද්ඝෝෂණය පැවැත් වීමට නියමිතයි.
රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකළ දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාගැනීම මෙම වෘත්තීය සමිති එකමුතුව මෙලෙස ඉල්ලා සිටින ඉල්ලීම්වලින් කිහිපයක්.
මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
2
+1
+1
1
+1




