රාජ්‍ය සේවය විධිමත් කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක අවධානය

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත ව්‍යාපාර සූදානම් (B – Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු වුණා.

ඒ මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පෙන්වා දුන්නේ රටේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට සහ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් මෙරට තුළ ඇති කළ යුතු බවයි. මෙහිදී ඒ ඒ ආයතන අතර සම්බන්ධතාවය සහ තොරතුරු හුවමාරු කර ගැනීම ශක්තිමත් තත්ත්වයක පැවතීම වැදගත් වන බව ඔහු පෙන්වා දුන් අතර එවැනි සම්බන්ධතාවයක් මෙරට රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන අතර නොපවතින බව මෙම කමිටුවට නිරීක්ෂණය වූ බවයි සඳහන් කළේ.

එසේම රාජ්‍ය අංශය තුළ නිලධාරීවාදය ඉස්මතුවන ආකාරයක් පෙනන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා. මෙහිදී පැමිණි නිලධාරීන් කියාසිටියේ මැනුවල් ක්‍රම හොදින් දියුණු කිරීමද රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාව සඳහා ඉතා වැදගත් වන බවයි. මෙහිදී “Citizen Charter Concept” ක්‍රමයක් සකස් කිරීම වැදගත් වන බවද එම නිලධාරීන් ප්‍රකාශ කළා. එසේම ව්‍යාපාර කරගෙන යාම සම්බන්ධයෙන් ජනතාවගේ දැනුම අල්ප බවත් එම දැනුම වැඩි කළ යුතු බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ.

රටේ ව්‍යාපාර සක්‍රීය තත්ත්වයෙන් වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධිතව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉඩම් මැනීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා. මෙහිදී සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු කණ්ඩායමක් විසින් සකස් කළ ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉඩම් මැනීම් සිදු කරන ක්‍රමය සහ බණ්ඩාරවෙල නගරසභා බල ප්‍රදේශය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස එහි සාර්ථක බව පිළිබඳවද කමිටුවට පෙන්වා දෙනු ලැබුවා.

විශේෂයෙන්ම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා කියාසිටියේ ව්‍යාපාර පහසු කිරීම වෙනුවෙන් ඉඩම් මැනුම් කටයුතු ඉක්මන් කරමින් “බිම් සවිය” ව්‍යාපෘතිය කඩිනම් කිරීම ඉතා වැදගත් බවයි. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපාදන හිඟකම, ජනතාවගේ අවිශ්වාසය මත සහයෝගයක් නොලැබීම ආදී හේතු මත ඉඩම් මැණුම් කටයුතු සිදු කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙන බවද භූ ගෝලීය තත්ත්වයන් නොසලකමින් ඉදිකිරීම් සිදු කර ඇති බවද මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අවසාන වශයෙන් කාරක සභාවේ සභාපති මධුර විතානගේ මහතා පෙන්වා දුන්නේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම නිවැරදි තොරතුරු පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි පවත්වාගෙන යාම වැදගත් වන බවත් නිවැරදි තොරතුරු නොමැති නම් ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?