රාජ්‍ය සේවයේ පරමාදර්ශී ආයතනය බවට පත්වෙමින් වගකීම් නිසි ලෙස ඉටු කරමු – ජනාධිපති ලේකම් කාර්යාලය

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ රට තුළ නව පරිවර්තනයක් ඇති කරමින්, අලුත් රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ සියලුදෙනා අලුත් අවුරුදු අධිෂ්ඨානයකින් හා නව ජවයකින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙහිදී, රාජ්‍ය සේවයේ පරමාදර්ශී ආයතනය බවට පත් වෙමින්, නව ආකල්ප වඩවා ගනිමින් තමන් වෙත පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සිය කාර්ය මණ්ඩලයට ආරාධනා කළ ජනාධිපති ලේකම්වරයා මෙතෙක් කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳ ව සියලුදෙනා වෙත ස්තුතිය ද පිරිනැමුවා.

ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිස සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කර තිබු තේ පැන් සංග්‍රහයට ද එක් වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?