spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමාකිරීමට අවධානය

පවතින සම්පත් හිඟය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කරගැනිම සදහා රාජ්‍ය නිලධාරින් රාජකාරි සදහා කාර්යාලවලට කැදවීම සිමා කරන ලෙස අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා රාජ්‍යපරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමා්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ සේවා සදහා පමණක් රාජ්‍ය නිලධාරින් සේවයට කැදවන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කේ.ඩි.එස් රුවන්ද්‍ර ඉල්ලීමක් කර ඇත්තේ.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්යයන් සදහා පමණක් සේවයට කැදවීමේදි ආයතන ප්‍රධානියාගේ
අබිමතය පරිදි සිදු කරන ලෙසද ඉල්ලා තිබෙනවා.දුරබැහැ සිට සේවයට වාර්තා කරන නිලධාරින්ට ඔවුන් පදිංචිව සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයක තාවකාලිකව අනුයුක්ත කිරිමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානින් වෙත පැවරීම සුදුසු බවද ත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

මේ අතර විශාල වපසරයකින් යුත් ස්ථානවල රාජකාරි කරන පිරිස සිමා කර ඔවුන්ගේ කාර්ලයේ සිමිත ඉඩ ප්‍රමාණයකින් යුත් වපසරයක සේවයේ යොදවා විදුලිය,ජලය,ඉන්ධන අවම කරගන්නා ලෙස පියවර ගන්නා ලෙසයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?