රාජ්‍ය ආයතන 457ක ලොක්කෝ කෝප් කමිටුවට එයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (02) පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.

කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන ආයතන 457ක සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී හෝ වෙනත් ප්‍රධාන තනතුරු දරණ 700කට ආසන්න පිරිසක් කණ්ඩායම් තුනක් ලෙස කැඳවා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.වී.සී දිල්රුක්ෂි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. එස්.එම් ද සිල්වා, කළමනාකරණ සේවා
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ කරුණාරත්න සහ ආර්.කේ ජයලත් යන අය සහභාගී ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පෙන්වා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට ඇති බවයි.

ඒ, අනුව මෙම වැඩමුළුව ඔස්සේ ලබන දැනුවත්බව හා සාකච්ඡාව නව ආරම්භයක් බවත් පැවති අඩුපාඩු මඟහරවානිවැරදි දිශානතිය වෙත මෙම ආයතන ගෙනයාම සියලු දෙනාගේම අපේක්ෂාව බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම කෝප් කමිටුව යටතට ගැනෙන සියලු ආයතන ප්‍රධානීන් එකවර කැඳවා මෙවැනි දැනුවත් කිරීමක් සංවිධානය කළේ ඉතිහාසයේ පළමුවරට බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළා.

පවතින පනතට අනුගත නොවන අවස්ථා, පවතින නෛතික ප්‍රතිපාදන වැරදි ලෙස අර්ථකථනය කොට කටයුතු කරන අවස්ථා, පවතින වගන්ති වර්තමානයට අනුකූල නොවීම නිසා ඒවා සංශෝධනය නොකර රිසි සේ කටයුතු කරන අවස්ථා වැනි මූලික දූර්වලතා මගහරවා ගත යුතු බවත්, සභාපතිවරයා පෙන්වා දුන්නා.

පනතේ යල්පැනගිය වගන්ති පවතීනම් ඒවා කඩිනමින් වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළා.

කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවීම, ප්‍රශ්න කිරීම හෝ ඔවුන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීම සිය කාරක සභාවේ අපේක්ෂාව නොවන බවත්, කාරක සභා සභාපතිවරයා පැවසුවා.

සිය සීමාවන් තුළ කිසිදු බියකින් තොරව නිර්මාණශීලිව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බවත්, තීරණ ගැනීමට නොහැකි බවට ඇතැමුන් ව්‍යාජ මත නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් ඔහු පැවසුවා.

එසේම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළා.

කෝප් කමිටුව තුළ අනාවරණය වන දූෂණ සහ වංචා පිළිබඳ නීතිමය පියවර ගැනීමට යොමු කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළා.

වසරක කාලසීමාවක් තුළ සෑම ආයතනයක්ම කැඳවිය නොහැකි බැවින් මෙම ආයතන 457හිම ක්‍රියාකාරීත්වය සෑම වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන බවත් කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවන ආයතන අනුපිළිවෙල තීරණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

විනිවිද බව සහ වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා ජාතික විගණන කාර්යාලයේ කාර්ය භාර්ය පිළිබඳව මෙහිදී වැඩබලන විගණකාධිපතිවරයා කරුණු පැහැදිළි කළා.

එමෙන්ම ආයතනවල සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලස්ම, ආයතනික ව්‍යුහයන්, වාර්ෂික වාර්තා, අධ්‍යක්ෂ මණ්ඩල ආදී තත්ත්වයන් පිළිබඳව මෙහිදී ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීම සිදුවුණා.

එසේම ආයතන ප්‍රධානීන්ට ද ප්‍රායෝගික ගැටලු සහ යෝජනා කාරක සභාවේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර ආයතන ප්‍රධානීන්ගේ යෝජනා හා අදහස් කාරක සභාව වෙත දන්වා එවන මෙන් කෝප් සභාපතිවරයා දැනුම් දුන්නා.

තවද මෙම ආයතනවල නීති නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තවත් වැඩමුළු ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34