රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයන්න සුපිලිපන්න නිලධාරියෙකු පත් කරන්න අවධානය

ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සුපිරිපන්න නිලධාරියෙකු පත් කිරීම ඔස්සේ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා මැඩලීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් දැඩිව අවධාරණය කරනු ලැබුවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභාව හමුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා තිබුණා.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා දක්ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බවයි එම කොමිසමේ නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ. අදාළ තනතුරු සඳහා ප්‍රමාණවත් වැටුප් නොලැබීම හේතු කොටගෙන මෙලස දක්ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව ද වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් තල සමග ගලපමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙසටයි එම කොමිසමේ නිලධාරීන් කාරක සභාවෙන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව කාර්යක්ෂම ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවය ලබා ගැනීමටනම් එම නිලධාරීන් නිවැරදි වැටුප් තලවල පිහිටුවා වැටුප් ලබා දිය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ අදාළ අංශ වෙත ලබා දීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

නව පනත මගින් පෙරට වඩා වැඩි අංශ ගණනක වීමර්ශන කටයුතු සිදු කිරීමේ බලය තමන්ට ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා වීමර්ශන කොමිසමේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා. එමෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන සියලුම පුද්ගලයින්ගෙන් එම ප්‍රකාශ ලබාගැනීමේ අයිතිය තමන් සතු බවත් එම ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික ක්‍රම වේදයකට (electronic system )සිදු කළයුතු බව ද එම නිලධාරීන ප්‍රකාශ කළා. නමුත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක්, තාක්ෂණික උපකරණ ඒ සඳහා නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි එම නිලධාරීන් කරුණු දක්වමින් කාරක සභාවට පෙන්වා දුන්නේ.

අල්ලස් හෝ දූෂණ අක්‍රමිකතා අවම කිරීම පිණිස එම කොමිසම විසින් සමාජය තුළ සිදු කරනු ලබන දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කිරීමටත් එම දැනුවත් කිරීම් ප්‍රමාණයන් වැඩි කරන ලෙසත් සභාපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?