රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ IMF අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙහිදී පසුගිය වසරක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය, රේගු ක්‍රමවේද, සුරාබදු කළමනාකරණය සහ සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතිය මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සිදු කෙරුණා.

ඊට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඒ, අනුව ඩිජිටල් ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක සැලසුම්, දත්ත ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම, මානව සම්පත් හා නායකත්ව පුහුණු වැඩසටහන් සහ බදු පදනම පුළුල් කිරීමේ තිරසාර ක්‍රමවේද පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ අවධානය යොමු කෙරුණ අතර එම ක්‍රියවලියේදී RARMB කාර්යාංශය “ශක්තිමත් පාලන රාමුවක් සහිත ප්‍රතිසංස්කරණ කේන්ද්‍රයක්” ලෙස කටයුතු කර ඇති බවට ඇගයීමට ද ලක් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා රේගුව, දේශිය ආදායම් බදු සහ සුරාබදු යන දෙපාර්තමේන්තුවලට අදාළව ක්‍රියාත්මක කෙරෙන ‍මෙම වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට එකඟතාව පළ වුණා.

2025 වසරේ මුල් භාගයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් සහ කැබිනට් අනුමැතිය යටතේ ස්ථාපිත කරන ලද RARMB කාර්යාංශයේ මූලික අරමුණු වන්නේ රාජ්‍ය ආදායම් එකතු කිරීම නවීකරණය කිරීම, බදු පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර කළමනාකරණය කිරීමයි.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ව්‍යුහගත ප්‍රතිසංස්කරණ වශයෙන් එහි ශාඛා Medium Corporate, Metro සහ Regional කාර්යාල ලෙස නැවත සංවිධානය කිරීමෙන් පසු බදු අනුකූලතාව 40–45% සිට 70–75% දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

දශක ගණනාවකට පසු ශ්‍රී ලංකා රේගු නීතිය සංශෝධනය කිරීම සඳහා නව කෙටුම්පතක් සකස් කර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, ඊට අමතරව බදු ගාස්තු ව්‍යුහය සරල කිරීම, කඩදාසි රහිත ක්‍රමවේද හඳුන්වාදීම (Paperless process), අපනයනකරුවන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම ද ඉදිරියේදී ක්‍රියාත්මක විමට නියමිතයි.

එසේම සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණ යටතේ නව සුරාබදු කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම තුළින් එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතිනවා.

RARMB යටතේ රේගුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අතර ඒකාබද්ධ සම්බන්ධීකරණ පද්ධතියක් පිහිටුවා තිබෙනවා.

ඒ යටතේ දත්ත හුවමාරුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය, ඒකාබද්ධ විගණන, ආනයනකරුවන්ගේ බදු අනුකූලතාව පරීක්ෂා කිරීම යන කාර්යයන් එකම ක්‍රමවේදයකින් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31