අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතය.
රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බවයි.
මෙහිදී බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනටට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයකටද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවනු ඇත.
එම අමාත්‍ය ධූර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුනවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
තවද රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවන තුරු මේ වන විට පත්කර ඇති අමාත්‍යවරුන් 20දෙනෙකුගෙන් වුත් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වනු ඇති බවයි.













