spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජකීය සොහොන් ගැබ තුළ ඇති ස්මාරකයේ ඡායාරූපයක් මුල්වරට නිකුත් වෙයි (ඡායාරූප)

අභවප්‍රාප්ත වූ දෙවන එළිසබෙත් රැජිණගේ දේහය තැන්පත් කළ ස්ථානයේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය රාජකීය පවුල විසින් ප්‍රථම වරට මෙය ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, රාජකීය සොහොන් ගැබෙහි මතුපිට නිර්මාණය කළ ස්මාරකයේ ඡායාරූපයකුයි මෙලෙස නිකුත් කර ඇත්තේ.

මෙලෙස නිකුත්කර ඇති ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළයි රාජකීය සොහොන් ගැබ පිහිටා ඇත්තේ.

හයවන ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කිරීමෙන් පසු මෙම රාජකීය සොහොන් ගැබ නිර්මාණය කරනු ලැබුවා.

1967 වසරේ නිර්මාණය කළ මෙම සොහොන් ගැබේ විශේෂිත වූ පාෂාණ වර්ගයකින් නිර්මාණය කරන ලද මතුපිටක් තුළ දෙවන එළිසබෙත් රැජිණ, ඇයගේ සැමියා වන පිල්ප් කුමරු, පළමුවන එළිසබෙත් මහ රැජිණ සහ හයවන ජෝර්ජ් රජුගේ නම් සටහන්කර තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ උපත සහ විපත ද මෙහි සටහන්කර ඇති ආකාරය දැකගත හැකයි.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?