රාජකීය – තෝමස් නිල් මහ සටන අද

කොළඹ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සුහද පාසල් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.

රාජකීය කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ රමිරු පෙරේරා යි.

කවිඳු ඩයස්ගේ නායකත්වය ශාන්ත තෝමස්වරුන්ට හිමි ව තිබෙනවා.

මෙවර තරගය පැවැත්වෙන්නේ 146 වැනි වරට යි.

නිල් මහ සටන ලෙස ප්‍රසිද්ධියක් උසුලන මෙම පාසල් බිග් මැච් වසන්තයේ ප්‍රමුඛතම ක්‍රිකට් ගැටුමක් ලෙසට ද රාජකීය – තෝමස් සටන සැලකෙනවා.

මෙම තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් දිනා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

ඔවුන් තරග 36ක් සහ ශාන්ත තෝමස්වරුන් තරග 35ක ජය තමන් සතු කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?