රාජකාරියේදී දිවි පිදූ ගුවන් නියමුවාට ජනපති අවසන් ගෞරව දක්වයි

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඔහුගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට අද (04) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වමින් ඔවුගේ බිරිඳ, දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?