‘රසාර්ථ’ සාහිත්‍ය තරගාවලිය ඇරඹෙයි – නිර්මාණ භාරගැනීමේ අවසාන දිනය අප්‍රේල් 10

කොළඹ ආනන්ද විද්‍යාලයීය පුස්තකාල දිනයට සමගාමී ව විද්‍යාලයීය පුස්තකාල පාඨක සමාජය විසින් සංවිධානය කරනු ලබන ‘සාහිත්‍ය තරගාවලිය’, කෙටිකතා, පද්‍ය, ගද්‍ය, චිත්‍ර හා ග්‍රැෆික් නිර්මාණ යන අංශ ඔස්සේ පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා වන නිර්මාණ 2025 මාර්තු 11 වනදා සිට අප්‍රේල් 10 වන දින දක්වා භාරගන්නා බවයි පාසල් සංවිධායක මණ්ඩලය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාව පුරා සිටින පාසල් සිසුන් වෙත මෙම සාහිත්‍ය තරගාවලිය සඳහා සහභාගී විය හැකි බව ද එහි සඳහන්.

තරගාවලියේ සියලුම ජයග්‍රාහකයින් වෙත අප්‍රේල් මස 25 වන දින ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවෙහි පැවැත්වීමට නියමිත විද්‍යාලයීය පුස්තකාල දින සැමරුම් උලෙළ සඳහා ආරාධනා හිමිවන අතර එම සැමරුම් උලෙළේ දී මෙම තරගාවලියේ වැඩිම ජයග්‍රහණ දිනාගනිමින් ශූරතාව දිනාගන්නා පාසල සඳහා ‘රසාර්ථ’ කුසලානය ද ඇතුළු ත්‍යාග දිනාගැනීමට හැකියාව පවතිනවා.

ගද්‍ය, පද්‍ය, රචනා සහ චිත්‍ර යන තරග අංශවල සියලුම වයස් කාණ්ඩයන්හි ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ඇගයීමට නියමිත අතර කෙටිකතා නිර්මාණ අංශයෙහි ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන මෙන්ම කුසලතා ස්ථාන දහයක් ද සමඟින් සියලුම ජයග්‍රාහකයින් ඇගයීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අංකුර සාහිත්‍යවේදීන්ගේ සුභාවිත මංපෙතක් වූ රසාර්ථ හි සාඩම්බරණීය කොටස්කරුවෙකු වීමට සියලු ම ශ්‍රී ලාංකික පාසල් දූ පුතුන්ට ආනන්ද විද්‍යාලයෙන් දයාබරත්වයෙන් යුතුව තරගාවලියට සහභාගී වන ලෙසට ඇරයුම් කර තිබෙනවා.

රසාර්ථ තරගාවලිය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගැනීම සඳහා විමසන්න;


ෂමිල් විහන්සිත් – 0755388165
අශේන් කොඩිකාර – 070 157 8883
නැතහොත්,

මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය වට්සැප් දිගුවට මෙතැනින් පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?