‘රසාර්ථ’ සාහිත්‍ය තරගාවලිය ඇරඹෙයි – නිර්මාණ භාරගැනීමේ අවසාන දිනය අප්‍රේල් 10

කොළඹ ආනන්ද විද්‍යාලයීය පුස්තකාල දිනයට සමගාමී ව විද්‍යාලයීය පුස්තකාල පාඨක සමාජය විසින් සංවිධානය කරනු ලබන ‘සාහිත්‍ය තරගාවලිය’, කෙටිකතා, පද්‍ය, ගද්‍ය, චිත්‍ර හා ග්‍රැෆික් නිර්මාණ යන අංශ ඔස්සේ පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා වන නිර්මාණ 2025 මාර්තු 11 වනදා සිට අප්‍රේල් 10 වන දින දක්වා භාරගන්නා බවයි පාසල් සංවිධායක මණ්ඩලය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාව පුරා සිටින පාසල් සිසුන් වෙත මෙම සාහිත්‍ය තරගාවලිය සඳහා සහභාගී විය හැකි බව ද එහි සඳහන්.

තරගාවලියේ සියලුම ජයග්‍රාහකයින් වෙත අප්‍රේල් මස 25 වන දින ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවෙහි පැවැත්වීමට නියමිත විද්‍යාලයීය පුස්තකාල දින සැමරුම් උලෙළ සඳහා ආරාධනා හිමිවන අතර එම සැමරුම් උලෙළේ දී මෙම තරගාවලියේ වැඩිම ජයග්‍රහණ දිනාගනිමින් ශූරතාව දිනාගන්නා පාසල සඳහා ‘රසාර්ථ’ කුසලානය ද ඇතුළු ත්‍යාග දිනාගැනීමට හැකියාව පවතිනවා.

ගද්‍ය, පද්‍ය, රචනා සහ චිත්‍ර යන තරග අංශවල සියලුම වයස් කාණ්ඩයන්හි ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ඇගයීමට නියමිත අතර කෙටිකතා නිර්මාණ අංශයෙහි ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන මෙන්ම කුසලතා ස්ථාන දහයක් ද සමඟින් සියලුම ජයග්‍රාහකයින් ඇගයීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අංකුර සාහිත්‍යවේදීන්ගේ සුභාවිත මංපෙතක් වූ රසාර්ථ හි සාඩම්බරණීය කොටස්කරුවෙකු වීමට සියලු ම ශ්‍රී ලාංකික පාසල් දූ පුතුන්ට ආනන්ද විද්‍යාලයෙන් දයාබරත්වයෙන් යුතුව තරගාවලියට සහභාගී වන ලෙසට ඇරයුම් කර තිබෙනවා.

රසාර්ථ තරගාවලිය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගැනීම සඳහා විමසන්න;


ෂමිල් විහන්සිත් – 0755388165
අශේන් කොඩිකාර – 070 157 8883
නැතහොත්,

මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය වට්සැප් දිගුවට මෙතැනින් පිවිසෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56