රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක් – මන්ත්‍රී හර්ෂ තැබූ ෆේස්බුක් සටහන

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රජයට විරුද්ධව කොළඹ ගෝල් පිටියේ පවත්වන විරෝධතාවට තමන් එක්වුවහොත් තමන්ද එයින් ඉවත් කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරන්නේ එම විරෝධතාවට දේශපාලන මුහුණුවරක් නොදිය යුතු නිසා තමන් එම විරෝධතාවට එක්නොවන බවයි.

මන්ත්‍රිවරයාගේ ෆේස්බුක් සටහන..

රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක ඔබ සුබ සිහිනයක්. ඔබයි මේ රට හදන්නේ. අරගලයට ජයවේවා.

මම දේශපාලනඥයෙක් තමයි. මා වෘත්තිකයෙකු ලෙස ඉතාමත් සාර්ථක වීමෙන් පසුව දේශපාලනයට ආවේ රට ගැන හැඟීමෙන්. කවදා හෝ මේ රට නංවාලීමට මාගේ දායකත්වය ලබාදීම මගේ අරමුණයි.

මේ කතාව මම මුලින්ම කිව්වේ වර්තමානයේ අපේ තරුණ පරම්පරාව කරන අරගලයට වචනයකින් හෝ සහාය දීමට පෙර ‘උඹත් ඒ 225 එකෙක් නේද?’ කියල අහන නිසා. එහෙම ඇහුවත් කමක් නෑ. මම මගේ අදහස පළ කරන්නම්. පක්ෂ පාට බේදයකින් තොරව මෙම අරගලයට මම හදවතින්ම සහාය දෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත්, එයට කිසි ලෙසකින් හෝ දේශපාලන මුහුණුවරක් නොදිය යුතු නිසා, දේශපාලනයෙන් ලේබල් වැදුණු මා කිසිවිටෙක මෙම විරෝධතාවයන්ට එන්නෙ නෑ. ආවොත් තරුණයින් මාව එළවා දමන්නත් පුලුවන්. එවැනි හයියක් තරුණ පරපුරට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

රස්සාවක් ගන්න, උදලු තලයක් ගන්න, ටකරමක් ගන්න තමන්ගේ ආත්මයම පාවාදී දේශපාලකයින්ගේ පස්සෙ යන ජනතාවක් හිටපු රටක මේ වගේ කොන්ද පණ තියන තරුණ පරම්පරාවක් බිහිවීම පිළිබඳව මා සතුටු වෙනවා. ගැති නොවී විවෘතව නව්‍ය ලෙස සිතන, ආගම්, ජාති, කුල, මල බේද නොතකන, රට ගැන අවංකව ආදරයෙන් බලන, ඔබ රටට ශක්තියක්. මෙය සුබ සිහිනයක්.
දරුවෙනි, ඔබයි මේ රට හදන්නේ. ඔබේ අරගලයට ජයවේවා. මේ මගේ අදහස. මම දේශපාලනඥයෙක් නිසා ඕන නම් බනින්න. කමක් නෑ.

HarshadeSilva #GoHomeGota2022



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19