AFC Banner
Empty Ad
Empty Ad

රනිල් ළඟට ගියත් මහ ගෙදර හැර නොයන බව අලුත්ගමගේ කියයි

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය පළකර සිටිය ද කිසිම දිනක තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නාවලපිටිය ප්‍රදේශයේ ඊයේ (30) සංවිධානය කර තිබූ ප්‍රචාරක රැස්විමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදුන්න ද තමන් කිසි දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර නොයන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදිමට ඉදිරිපත් වූ මන්ත්‍රිවරුන් නොමැතිව කිසි විටක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා දිනවිය නොහැකි බවයි ඔහු මෙහිදී වැඩිදුරත් සඳහන් කළේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂත් මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තිරණය කළ නිසා තමන් ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?