රනිල් ගෙනා යෝජනාවට පවිත්‍රා එක පයින් කැමති වෙයි

මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් අද (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.
එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.

මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානි පාර්ලිමේන්තුව තුළද ක්‍රියාත්මක බව පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කළ හැකි බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනද මෙම යෝජනාවට එකඟතාව පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?