AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගෙන් රට ගැලවුණොත් ආයෙ ගොඩඒමක් නෑ – මන්ත්‍රී දුමින්ද

මෙරට රාජ්‍ය පාලනය වෙනත් කෙනෙක් සතු වුවහොත් රට තුළ නැවතත් අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සංවිධානය කළ කොට්ඨාස කමිටු සමඟ පැවති සාකච්ජාවකදීයි.

මෙම සාකච්ජාවේ දී ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණයේ බටහිර ආසනයේ මැතිවරණ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙකී අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මුදල් රාජ්‍යය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, එස්.සී මුතුකුමාරණ, හිටපු අමාත්‍යය පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා එම පක්ෂවල කොට්ඨාස නියෝජිතයින් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?