රන් මාලයක් සොරකම් කිරීමකට හමුදා සෙබලෙක් අත්අඩංගුවට

චුන්නාකම් නගර ප්‍රදේශයේ රන් මාලයක් සොරකම් කිරීමට සම්බන්ධ බවට සැකකරන හමුදා සෙබළෙක් අද (25) චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් නගරයේ දී රන් මාලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අද (25) උදෑසන කාන්තාවක් විසින් චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනයකට අනුව මෙම සොරකම සම්බන්ධයෙන් මයිලිටි හමුදා කඳවුරේ සේවය කරන හමුදා නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?